
පුද්ගල ඝාතන සහ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු වූ මොහොමඩ් නජීම් ඉම්රාන් නොහොත් ‘කංජීපානි ඉම්රාන්' රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (20) නියෝග කළේය.කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරියකුට දුරකතනයෙන් මරණීය තර්ජන කළැයි කියන සිද්ධියකට අදාළව රිමාන්ඩ් කර සිටි මෙම සැකකරු එලෙස ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.
ඝාතනය කිරීම් සහ මරණීය තර්ජනය කිරීම් සිද්ධිවලට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ හතරක මෙම සැකකරුට එරෙහිව නඩු විභාග වෙමින් පැවැති අතර එම නඩු සියල්ලට සැකකරුට ඇප හිමිව තිබිණි.
මාකඳුරේ මධුෂ් යන පාතාල ක්‍රියාකාරිකයාගේ දියණියගේ උපන්දින සාදයට ඩුබායිහිදී සහභාගි වී සිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ අනුව, වසර දෙකකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි මෙම සැකකරු ඊයේ (20) ඇප ලබා ගැනීමෙන් පසුව අධිකරණයෙන් නික්ම ගොස් ඇත්තේ වෙස්වළා ගැනීමෙන් අනතුරුව බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
නිමන්ති රණසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval