
සා.පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඒ සාමාර්ථ 9 ක් ලබා උසස් ලෙස විභාගය සමත් සිසුවියකගේ සොහොයුරා විදුහල්පතිට ප්‍රශංසා කරනවා වෙනුවට විදුහල්පති කාර්යාලයට පිවිස පුටුවක් ඔසවා විදුහල්පතිගේ හිසට පහර දෙන්න තැත්කිරීමේ පුවතක් කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් ඉස්ලාම් ජාතික පාසලකින් වාර්තා විය.
සිසුවියගේ සොහොයුරා විදේශගතව සිට පැමිණි අයෙකු බවත්, පාසලේ ඉංග්‍රීසි අධ්‍යාපනයට ගුරුවරු නොමැති බව පවසමින් සිය නැගණිය පාසලෙන් අස්කර ගැනීමට ඉකුත් 5 දා පාසලට පැමිණි අවස්ථාවේ විදුහල්පති සමග බහින්බස් වී කාර්යාලයේ පුටුවක් ඔසවා විදුහල්පතිවරයාට පහරදීමට සූදානම් වූ මොහොතේ කාර්යාලයේ සිටි ගුරු භවතෙකු විසින් එය වළක්වා ඇත.
තම පාසලේ අධ්‍යාපනය ලබා අ.පො.ස. සා.පෙළ විභාගය උසස් ලෙස සමත් සිසුවියගේ සොහොයුරා තමාට පහරදීමට තැත්කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එය ඊයේ
(08 දා) විභාගයට ගත් බව තොරතුරු අනාවරණය වේ.
ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල
Comments
Post a Comment
Your comment will be visible after approval