
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සෑම වර්ෂයකම අවසානයේදී ඉන්දියාවේ තිරුපති කෝවිලට වන්දනාවේ යාම සිරිතකි. නමුත් මෙවර සෞඛ්‍ය හේතුන් මත ඔහුට තිරුපති වැඳ ගැනීම සඳහා පිටත්වීමට නොහැකි විය.
තමන්ට තිරුපති යාමට නොහැකි වුවත් මහින්ද වාර්ෂිකව දෙවියන් උදෙසා සිදු කරන පූජාවනම් අතනොහැර සිදුකර ගත්තේය.
මෙවර ඔහු තිරුපති පූජාව නිවසේ සිටම සිදු කරගතේ හරි අපූරු ක්‍රමයකටය. මහින්ද තමන්ට අතිශය හිතවත් දෙමළ ව්‍යාපාරිකයකු අත තිරුපති දෙවොල වෙත දිව්‍ය පඬුරු මෙන්ම තුලසි කොළවලින් සකස් කළ අඩි 7ක් දිග මාලාවක්ද පිටත් කර හැරීය. අදාළ ව්‍යාපාරිකයා තිරුපති වෙත ගොස් මහින්දට සෙත් පතා පූජාවක්ද සිදු කර ඇති බව වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval