ඩුබායි රාජ්‍යයේ සේවය කර පැමිණි විවාහක කාන්තාවකගේ නිරුවත් ඡායාරූප මුහුණු පොත මගින් ප්‍රසිද්ධ කරන බව බවට තර්ජනය කර රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් ඉල්ලූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කරන්දෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.කරන්දෙණිය පොලිස් වසමේ පදිංචි කාන්තාවක විසින් පෙරේදා (13) කරන ලද පැමිණිල්ලක් අනුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.ලක්ෂ පහක කප්පම් මුදලක් ඉල්ලූ බව කියන පුද්ගලයා ද ඩුබායි රාජ්‍යයේ සේවය කළ අයකු වන අතර ඔහු මෙම කාන්තාව එරට දී හඳුනාගෙන ඇය සමග වසර හතරක පමණ කාලයක් අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඔවුන් දෙදෙනා මෙම වසරේ මෙරටට පැමිණ ඇති අතර කාන්තාව ඇයගේ විවාහක සැමියා සමඟ ජීවත්ව ඇතැයි ද පොලිසිය පවසයි.විවාහක කාන්තාව ඇයගේ සැමියා සමග ජීවත්වීම ගැන උරවූ බව කියන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ඇයගෙන් පළිගැනීමේ අරමුණින් මෙවැන්නක් කර ඇතැයි පොලිසිය පවසයි.ඩුබායි රාජ්‍යයේ සිටියදී මෙම කාන්තාවගෙන් ලබාගත් නිරුවත් ඡායාරූප මුහුණු පොත මගින් ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර රුපියල් ලක්ෂ 5ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments