ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ මීයන්ගේ ගැටලුව විසඳීමට 'තරමක් ලේ පිපාසිත' අලුගෝසුවෙකු එනම් ඔවුන් ‘රැට් සාර්‘ යන නමින් ඇතු කර තිබෙන තනතුරට පුද්ගලයෙකු සොයන බව ප්‍රසිද්ධ කර තිබේ.
නිව්යොර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් මීයන්ට එරෙහි නගරයේ සටනට නායකත්වය දීමට කෙනෙකුඅවශ්ය බවට පුවත්පත් දැන්වීම් පළ කර ඇත.
නිල රැකියාවට අදාළ මාතෘකාව "මීයන් අවම කිරීමේ අධ්‍යක්ෂක" ලෙලස සටහන් කර ඇති අතර එම භූමිකාව මී සාර් ලෙස නම් කර ඇත. ඒ සඳහා වන දීමනාව වාර්ෂිකව $120,000 සිට $170,000 වැටුප් පරාසයක් බවද දක්වා ඇත.
"අවශ්‍ය අපේක්ෂකයා ඉහළ උනන්දුවකෙ ඇති අයෙකු විය යුතු බවත් තරමක් ලේ පිපාසිත විය යුතු බවත්“ විස්තරයේ දැක්වේ. දත්ත එකතු කිරීම, තාක්ෂණ ක්‍රම, කසල කළමනාකරණය සහ සමූහ ඝාතනය ඇතුළු විවිධ කෝණවලින් සියලු විසඳුම් දෙස සොයා බැලිය යුත්තෙක් විය යුතු බවටද" දැන්වීමේ දැක්වේ.
නිව් යෝර්ක් නගරය පරම්පරා ගණනාවක් තිස්සේ එහි මීයන්ගේ ගහණය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින අතර,
මෑතකදී උද්‍යානවල සහ වීදිවල මීයන් දැකීම වැඩි වී ඇතැයි වාර්තා විය.
හිටපු නගරාධිපති බිල් ඩි බ්ලැසියෝ යටතේ ඩොලර් මිලියන ගණනක ප්රයත්නයක් මේ සඳහා යොදවනලදි.
මීයන් සැඟවී සිටින ස්ථානවල හුස්ම හිර කිරීම සඳහා නගරය අයිස් භාවිතා කළ බවද වාර්තා වේ.
නගරාධිපති ඇඩම්ස්, ඔහු බෘක්ලින්හි නගරාධිපතිව සිටියදී, වරක් ආහාරවල සුවඳට හසු වූ මීයන් හසුකරගන්නා විෂ සහිත සුප් පිරවූ බාල්දියක් උගුලක් ලෙස යෙදුවේය.
0 Comments