
ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධන මහතා අද (8) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ජීවිතයෙන් සමුගත්තේය. හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා ඔහු රෝහල් ගත කර ටික වේලාවකින් මෙලෙස සමුගන්නට සිදුවිය. සිංහල චිත්‍රපට ගීත ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙකුවූ නුවන් ගුණවර්ධන චිත්‍රපට 65 කට පමණ ගීත ගායනා කර තිබේ.
ගුවන් යාන්ත්‍රික ඉංජිනේරුවෙක් ලෙස ලංකා ගුවන් සේවයේ සේවය කළ ඔහු ගීත ගායනයට පිවිසියේ රැකියාව අතරතුර විනෝදාංශයක් ලෙසිනි. මර්වින් බේන්ස් ශබ්ද පරිපාලන ශිල්පියා ඔහුගේ හඩ හඳුනාගෙන චිත්‍රපට පසුබිම් ගායනයට යොමු කළේය.
නමසිය අසූව දශකයේ ඔහුගේ හඩින් ගැයුණ හින්දි ගීත අතිශය ජනප්‍රිය විය. ප්‍රසංග වේදිකාවට ඔහු නැතුවම බැරි ගායන ශිල්පියෙක් බවටද පත්විය.
අසහාය ගායන ශීල්පි එච්.ආර්.ජෝතිපාලයන්ගේ වියොවෙන් පසු සිංහල සිනමාවේ ඔහු නැති අඩුව ටිකක් හෝ පිරවුයේ නුවන් ගුණවර්ධනයන්ය.. ඔහු ගායනා කල "කිරි මුදූ වෙරලේ"ගීතය මෙන්ම "කඳුළින්ම ගැයු පෙම් ගීතේ" ,"ළා සඳ එලියේ" , "මා පැතු ලොකේ", "පාවී ගියාවේ ළදේ" ඉතා ජනප්‍රිය වු ගීතවේ.
නුවන්ගේ බිරිය රමෝනාය. ඔවුනට දරුවන් දෙදෙනෙකි. වැඩිමලා නුවන්ගේ දියණිය දුලාරිය. ඇය ව්‍යාපාරික ක්ෂෙත්‍රයෙහි කටයුතු කරන්නියකි.නුවන්ගේ පුත් ගයාන් ගුණවර්ධනත් ටෙලි නාට්‍ය ශිල්පියෙකු මෙන්ම ගායකයෙකුද වේ.
නුවන් ගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval