ළමා නිවාසයේ ලොරි රථයේ යතුර සොරකම් කර එය පදවාගෙන මිගමුව ප්‍රදේශයේදී මුහුද බලන්නට එමින් සිටි බව කියා තිබුණි.
පසුව වගකිවයත්තන් අමතා දරුවන් පිරිස නුවරඑළිය ළමා නිවාසයට භාරදීමට පොලිසිය කටයුතු යෙදූ අතර වැඩිදුර පරීක්ෂණ සිදු විය.
පසුව සිදු කළ විමර්ශනයේදී පොලිසියට කොටු වූ එම ලොරි රථය පදවාගෙන ආ දහසය හැවිරිදි ළමයා කොළඹ- කටුනායක අධිවේගී මාර්ගයේ යතුරු පැදියක් ධාවනය කිරීමේ චෝදනාවට වරදකරු වී අධිකරණය මගින් රුපියල් 10,000ක දඩයක් නියම කර මුදා හැර සිටි අයකු යැයි නිට්ටඹුව මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම බාලවයස්කාර ළමයා කටුනායක ප්‍රදේශයේ ඔහුගේ ඥාතියකුගේ නිවෙසේ සිටියදී මීට වසරකට පමණ ඉහතදී එම එම ඥාතියාට අයත් යතුරු පැදියක් රැගෙන ගොස් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පදවමින් සිටියදී පොලීසියට කොටු වී ඇත. දහසය හැවිරිදි ළමයාගේ පියා මිය යෑමෙන් පසු මව තලවකැලේ ප්‍රදේශයේ ඇයගේ ඥාතියකුට බාරදී මැදපෙරදිග රටක රැකියාවට ගොස් සිටින බවද පොලිසිය කියයි.
ලිඳුල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්පොළක් අසල නතර කර තිබූ නවීන පන්නයේ යතුරු පැදියක් සොරාගෙන යාම සම්බන්ධයෙන් මෙම ළමයා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත නුවරඑළිය ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර සිටි බවද පොලිසිය සඳහන් කරයි.මෙම ළමයා නම වැනි වසර දක්වා පමණක් පාසල් ගොස් ඇති බවට හෙළිවී යැයිද පොලිසිය කියයි.
කටුනායක ප්‍රදේශයේ මුල් කාලයේ පදිංචිව සිට ඇති නිසා මෙම දහසය හැවිරිදි ළමයා මුහුද දැක ඇති බැවින් මුහුද ගැන විස්තර ළමා නිවාසයේ රඳවා සිටි ඔහුගේ මිතුරන් තිදෙනා සමග පැවසීම නිසා එම මිතුරන් තිදෙනා මුහුද බැලීමට අවශ්‍ය බව පවසා ඇතැයි දැනගන්නට ඇත. ළමා නිවාසයේ ලොරි රථයක් ද සොරාගෙන මිතුරන් තිදෙනා ද එහි නංවාගෙන දාසය හැවිරිදි බාල වයස්කාර දරුවා කොළඹ පැමිණ ඇත්තේ මිතුරන්ට මුහුද පෙන්වීමට යැයි යයි පොලීසිය කියයි.
කොළඹට පැමිණෙන මාර්ගය නොදන්නා නිසා නුවරඑළියේ සිට කොළඹ බලා එන මගී බස් රථයක් පසුපසින් පැමිණි බව ලොරි රථය පදවාගෙන ආ දාසය හැවිරිදි දරුවා පොලිසියට පවසා ඇතැයි කියති.
මෙසේ කොළඹ බලා එමින් සිටි අතරවාරයේ හොරගොල්ල ප්‍රදේශයේදී වෑන් රථයක සවිකර ඇති පැති කණ්ණාඩියක මෙම ලොරි රථය ගැටී ඇතැයි පොලිසිය කියයි. කණ්ණාඩියේ ගැටුණු ලොරි රථය නොනවත්වා ඉදිරියට ධාවනය කරගෙන යද්දි වෑන් රථයේ රියදුරා පසුපස පන්නාගෙන ගොස් ලොරි රථය නතර කරගෙන මේ බව නිට්ටඹුව මූලස්ථාන පොලීසියට පොලීසියට දැනුම් දී ඇත. වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම බාලවයස්කාර දරුවන් හතර දෙනා නුවරඑළිය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක අංජන මහතාට ඊයේ බාරදුන් බව නිට්ටඹුව පොලිසිය පවසයි.
0 Comments