ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලිය ක්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී ඊයේ (01) පැවැත්විණි. මෙම වැඩසටහනට සහයෝගය දැක්වීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරිනියන් තැඹිලි වර්ණයෙන් සැරසී සිටියහ.
එහිදී “කාන්තා හිංසනය පිටුකින්නටඅපි එක්වෙමු” යන වැකිය සහිත අත් පළඳනාවක් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පළඳවන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් විසිනි. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද සහභාගී විය. මෙහිදී ජනාධිපතිවරයා දන්වා සිටියේ කාන්තා පනත කෙටුම්පතක් කිරීම ඉතා ඉක්මනින් අවසන් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.
ජාතික ප්රජාතන්ත්රවාදී ආයතනය විසින් පරිත්‍යාග කරන ලද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට සහ සමාජ අන්තර්ගතකරණයට අදාළ ප්රකාශනවල විස්තර ඇතුළත් පත්රිකාවක්ද ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.
“කාන්තා හිංසනය පිටුදකින්නට අපි එක්වෙමු” වැකිය සහිත අත් පළඳනාව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාට, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැළඳවීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාව හා සමානාත්මතා අංශය පිළිබඳ පත්‍රිකා පිරිනැමීම සිදු කෙරිණි.
0 Comments