පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුවකු අධික බීමතින් පැමිණ එම පීඨයේම පළමු වසරේ සිසුවකුට පහරදීම හේතුවෙන් එම සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි. මෙම පහරදීම විශ්වවිද්‍යාලයේ අයිවෝ ජෙනින්ග්ස් නේවාසිකාගාරයේදී පෙරේදා (17) පස්වරු 5.30ට පමණ සිදු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.පහරකෑමට ලක්වූ සිසුවා කලා පීඨයේ පළමු වසරේ සිසුවකු වන අතර,
ඔහු නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පහර දුන් බව කියන සිසුවා විශ්වවිද්‍යාලයේ සිවුවැනි වසරේ ඉගෙනුම ලබන අතර, ඔහු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය කියයි. තමන් නේවාසිකාගාරයේ සිටියදී සිසුන් හතර දෙනකු පැමිණි බවත්, ඉන් එක් සිසුවකු තමන්ට පහර දුන් බවත්, පහරකෑමට ලක්වූ සිසුවා පොලීසියට පවසා ඇත.සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ විශ්වවිද්‍යාල පරිපාලනය වෙන වෙනම විමර්ශන ආරම්භ කර ඇත.
- ෂේන් සෙනෙවිරත්න-
0 Comments