නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු ගබඩා කරන භූමිය මේ වනවිට දැඩි හිස් ස්වභාවයක් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ සැරිසරයි .
වෙනදා මෙම ස්ථානල්අගුරු ගොඩ ගසා ඇති නමුත් මෙම ඡායාරූප වල ඇත්තේ හිස්ව ඇති ස්ථානයකි.
නොරොච්චෝලේ බලාගාරයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර සිටියේ, ආනයනය කරන ලද ගල් අඟුරු තොග අවසන් වීමෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.
නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීම සඳහා වන ටෙන්ඩරය Arista Mitra නමැති ඉන්දුනීසියානු සමාගමට ලබාදී ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පවසා තිබුනි.
මෙම ගල් අඟුරු ඇනවුම් ලැබෙන්නේ ණය කාලසීමාවක් ද සහිතව බවද ලබන පෙබරවාරි මාසයේ සිට වරකට මෙට්‍රික් ටොන් 60000 බැගින් අවස්ථා 12කදී පුත්තලම වරායට එම ගල් අඟුරු මෙට්‍රික් ටොන් 720000 ලැබීමට නියමිත බවද දන්වා ඇත.
නමුත් විදුලි බල මන්ඩල වෘත්තීය සමිති පවසන්නේ ගල් අඟුරු ප්‍රශ්නයට තවම විසඳුම් නැති බවි.
ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් ඇඟුරු රැගත් නෞකා තුනක් ලබන වසරේ ජනවාරි මස 13 දා වන විට දිවයිනට පැමිණීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා තිබුණි.
0 Comments