රක්වාන පොලිස් වසමේ පදිංචි අවුරුදු පහළොවක් පමණ වයසැති පාසල් සිසුවියක ත්‍රීරෝද රථයකින් පැහැරගෙන එම ප්‍රදේශයේම පාළු නිවසකට රැගෙන ගොස් බලහත්කාරයෙන් අරක්කු පොවා වෙරි වූ පසු දූෂණය කළ බව කියන පුද්ගලයෙක් සැකපිට රක්වාන පොලිසිය විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගනු ලැබීය.අත්අඩංගුවට ගත් සැකකරු 24 වන වියේ පසුවන අයකු වන අතර, ඔහු රක්වාන පොලිස් වසමේ පදිංචි එක්දරු පියෙකි.සැකකරු මෙම බාල වයස්කාර සිසුවිය දූෂණය කළේ යැයි කියන සිද්ධියෙන් පසු ඔහුගේ මිතුරන් දෙදෙනකු ඒ අවස්ථාවේම ඇය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සිසුවිය අපයෝජනයට ලක් කළ බව කියන එම පුද්ගලයන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමට රක්වාන පොලිසිය පරීක්ෂණ පවත්වයි. මුලින්ම අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකරු සමග මෙම සිසුවිය ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.බාල වයස්කාර සිසුවියගේ මව සහ පියා නිවසින් බැහැරව ගොස් සිටි නිසා ඇය යාබද නිවසේ පදිංචිව සිටින මිත්තනියගේ නිවසට ගොස් සිට ඇත. අව්වේ දමා වියලීමට යැයි කියා ආච්චි අම්මා මිරිස් වගයක් දී ඇති අතර ඇය ඒවා අව්වේ දැමීමට ගිය අවස්ථාවේ පෙම්වතා බව කියන 24 හැවිරිදි පුද්ගලයා තවත් පුද්ගලයන් තිදෙනකු සමග ත්‍රීරෝද රථයකින් පැමිණ ඇය බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට ඇද දමාගෙන පාළු නිවසකට ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
බාලවයස්කාරියට බලහත්කාරයෙන් අරක්කු පොවා වෙරි වූ පසු පෙම්වතා බව කියන පුද්ගලයා මුලින්ම ඇය දූෂණය කර ඇතැයි ද පසුව ඔහුගේ මිතුරන් දෙදෙනා ඇයට බරපතළ ලිංගික අපයෝජනයක් කර ඇතැයි ද පොලිසිය කියයි.
දැරිය පසුව එම ත්‍රිරෝද රථයටම නංවාගෙන ඇයගේ මිත්තණියගේ නිවස අසලට ගෙනැව් විත් දමා සැකකරුවන් තිදෙනා පලාගොස් ඇත. නිවසට ගෙනගොස් දැමූ ඇය වෙරි මතින් අසභ්‍ය වචන කියමින්, කලහකාරි ලෙස හැසිරි ඇතැයි කියති. රක්වාන රෝහලට මුලින් ඇතුළත් කළ සිසුවිය පසුව රත්නපුර මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවාය. රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය ඇය පරික්ෂා කර බලා ඇයගෙන් තොරතුරු විමසා පසුව මේ බව පොලිසියට පැමිණිලි කර ඇත. දැරියගෙන් හෙළි කරගත් තොරතුරු මත පොලිස් පරීක්ෂණ පවත්වා සැකකරුවකු අත්අඩංගුවට ගත් අතර අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments