ranil-law-faculty-colombo

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට පැමිණි අවස්ථාවක සිසුන් පිරිසක් විසින් හූ හඬින් ශබ්ද කර පිළිගන්නා ආකාරයක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ Back To the Faculty of Law - Law Faculty වැඩසටහනට අද (10) පෙරවරුවේ සහභාගීවීමෙන් අනතුරුව පිටව  අවස්ථාවේ මෙම සිදුවීම වාර්තා විය. සංගීත හඩ සමග පිරිස් කෑමොර දෙන අතර මෙම හූ හඩ ඇසෙන අතර එය සංගීත උත්කර්ෂයකට සිසුන් නැගූ ශබ්දයක්ද නැතිනම් ජනපති ඉලක්ක කර සිදුකරන ලද්දක්ද යන්න නොහැඟෙන පරිදි වීඩියෝවෙන් නිරූපණය වන අතර ජනපතිවරයා සිනාසෙමින් එම ස්ථානය පසුකර යනු දැක්වේ.
වීඩියෝ දර්ශනය පහත පරිදිය.