දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කළ හැකි යයි කාල/ුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබේ.
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි බවද පැවසේ.
රට හරහා විටින් විට පැයට කිලෝමීටර් (40-50) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටියි.
තද වැසි තද සිළුං සම්බන්ධ නවතම රතු නිවේදනය පහතින්
0 Comments