roshan-pilapitiya-green-card

ටෙලි නාට්‍ය නළු රොෂාන් පිලපිටිය සතිඅන්ත පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක කොටසක් පහත පළවේ.
බටහිර රටකට පදිංචි වෙන්න අවස්ථාව ලැබිලත් එය මඟ හැරපු චරිතයක් ඔබ, නළුකම අත අරින්න බැරි නිසාද ඒ වාසනාව අත හැරියේ..?

අපේ ජීවිතේ මේ රටට මුල් ඇදලා ඉවරයි. දන්න රස්සාව කරගෙන මේ ජීවත් වෙන විදිහ හොඳටම ඇති කියලා හිතුණා. ඒ නිසා ග්‍රීන් කාඩ් චාන්ස් එක අත හැරියා. දැන් තීරණය කරලා අවසන් මැරෙනතුරු ජීවත් වෙන්නේ ලංකාවේ කියලා. නළුකමට වඩා හුරු වෙච්ච ජීවිතේ අත අරින්න බැරි කමට නොයන්නේ කිව්වොත් හරි.



බිරිය රිද්මා දොස් කිව්වේ නැද්ද?

කොහෙත්ම නැහැ එයත් දන්නවා මට පුළුවන් දේ රඟපෑම. ඒ නිසා නුහුරු ජීවිතයක් අස්සට රිංගනවට වඩා මෙහෙම හොඳයි කියලා.

අද ගත්ත තීරණය වැරදියි කියලා දවසක හිතුණොත්..?

දැනට එහෙම හිතිලා නැහැ. එහෙම පසුතැවීමක් ඇති වෙන එකක් නැහැ. මේ තියෙන අවුල තුළ වුණත් සතුටින් ඉන්නේ කොහොමද කියලා අපි දැන ගන්න ඕන .

අලුත් අවුරුද්දේ අලුත් ප්ලෑන් මොනවද..?

ලොකු ප්ලෑන් එකක් නැහැ. පළවෙනිදට කිරි උතුරන්නේ කොහොමද කියලා හිතන මිනිස්සු ඉන්න රටක ජීවත් වෙන්නේ. මේ අසරණකම සියලු හිත්වලින් දුරස් වෙලා ජීවත් වෙන්න පුළුවන් වසරක් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි ආර්ථික අවපාතයෙන් ගොඩ එන්න ලැබුණොත් ඇති. මගේ ආදරණීය රසිකයින්ට සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.