විශ්වවිද්‍යාල තුළ මැර කණ්ඩායම් සිටින බවට පැතිර යන ප්‍රචාරය සමාජයෙන් ඉවත් කර ගැනීමට නොහැකි වුවහොත් සියයට අනූ පහක් පමණ නිර්දෝෂී සිසුන්ගේ අනාගතයට අභියෝගයක් එල්ල විය හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය වෙනුවෙන් සිසුන් දෙදහසකට පමණ එකවර අධ්‍යාපනය ලැබිය හැකි මහල් පහකින් සමන්විත අභිනව “විමල ධම්ම” මන්දිර පසුගිය දා විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවක් අමතමිනි.
එහිදී තවදුරට ත් අදහස් පළ කළ මහාචාර්යවරයා මෙසේ පැවසීය.
“විශ්වවිද්‍යාල තුළ 95%ක්ම අධ්‍යාපන ලබන්නේ නරක වචනයක්වත් කතා නොකරන ළමයි. ඒත් ඉතා සුළු පිරිසකගේ ක්‍රියා කලාප නිසා විශ්වවිද්‍යාල තුළ මැරයෝ ඉන්න බවට මතයක් සමාජගත වෙලා තියෙනවා. මේක අපිට ලොකු අභියෝගයක්. මේ මතය සමාජයෙන් ගලවගන්න ඕන. ඒක අපිට කර ගන්න බැරි උනොත් රත්තරන් උපාධිය අරන් පාරට බහින ළමයි සමාජයෙන් කොන් වෙන්න පුළුවන්. එහෙම උනොත් අපි මොකද කරන්නෙ. එදාට වෙන්නෙ අපිට බෙල්ලෙ වැළ දා ගන්න.
පසුගිය දා පේරාදෙණිය හිටපු උප කලපතිවරයාට මුහුණ දෙන්න සිදු වූ දේ ඉතාම කනගාටුදායකයි. මේ පහර දීමට සම්බන්ධ සිසුන් සම්බන්ධයෙන් මම පසුගිය දා ප්‍රකාශයක් කළා. මම ත් හිටපු උපකුලපතිවරයෙක්. නමුත් අපිට එක ළමයෙක්වත් අත තියල නෑ. උඹ අපිට එපා කියල කවුරුවත් කියල ත් නෑ. එහෙම කළා නම් මම නම් එක මොහොතක්වත් ඉන්නෙත් නෑ .
එදා අපි ත් ළමයි හතළිහක් පනහක් විතර ගෙදර යැව්වා. හැබැයි ඒ ළමයි ගෙදර යැව්වෙ නිකම් ම නෙමෙයි ඔවුන්ගේ වගකීම අපි අරගෙන. අන්න ඒකයි අපේ දැක්ම. ඒ දැක්ම ක්‍රියාත්මක කරන්නයි අපි මේ තනතුරුවලට ඇවිල්ල තියෙන්නෙ. අවුරුදු හතරක් පහක් වැඩ කරල නිකම්ම යන්න නෙවෙයි.
එදා 88/89 කාලයේ මිනිස්සු මැරුව. බෙලි කැපුවා. පුච්චලා දැම්ම. එත් අපි අපේ ගමන ආගමික ආභාෂය මුල් කරගෙන ඉදිරියට ආවා. මේක වර්තමාන සමාජයට කදිම ආදර්ශයක්.
ඒ නිසා තමයි ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ 30,000 පමණ ශක්තිමත් බැඳීමකින් යුත් පවුලක් ගොඩනැගුනෙ. ඒක අද වනවිට දිවයිනේ අනෙත් සරසවිවල ආචාර්ය, මහාචාර්යවරුන් උපකුලපතිවරුන්ගේ හා සිවිල් සමාජයේ පැසසුමට ලක්වී තියෙනවා.
ඒ නිසා දිවයිනේ සියලු ම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සියලු ම සිසුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ විශ්වවිද්‍යාලයට ඇතුළු වූ දා සිට ඉන් පිටව යන මොහොත දක්වා ඉතා විනයගරුක හා ශිෂ්ට සම්පන්න ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය හදාරා ආදර්ශමත් පුරවැසියෙකු ලෙස සමාජගත වන ලෙසයි.”
0 Comments