saree-kid-death

සාරි පොටක ගෙල සිරවීමෙන් 12 හැවිරිදි පාසල් දරුවකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ පිටරත්මලේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකි.


සිය බාල නැගණිය නිදි කරවීම සඳහා සාරියක් යොදාගනිමින් සකස කර තිබු තොටිල්ලේ පැටලීම හේතුවෙන් අදාල සිසුවා මියගොස් ඇති බව සඳහන්ය.
හුස්ම සිරවීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත.