පසුගිය සතියේ වායුගෝලයේ ඇතිවූ වෙනස්කම් නිසා හදිසියේ පාසල් වසා දැමීමට රජය තීරණය කිරීමෙන් පසු
හෙට (12) පාසල් ආරම්භ කිරීම පිළිබඳව තවම තීරණයකට එළැඹී නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යංශ ලේකම්, නිහාල් රණසිංහ මහතා ප්‍රකාශ කළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සමග සාකච්ඡා කර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අද(11) දිනයේදී තීරණය කරන බවයි.
රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් සහ කතෝලික පාසල් සඳහා පසුගිය සිකුරාදා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ පවතින විපරීත කාලගුණ තත්ත්වය හේතුවෙනි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදු කළ විමසීම්වලින් පසුව එම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබුණි.
හෙට පාසල් අරඹනවාද නැද්ද යන්න ඒ අනුව අද දිනයේ දන්වා සිටිනු ඇත.
0 Comments