schools-open-12-december

අයපහත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබුණු සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (12) දින නැවත අරඹන බව අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා දන්වා සිටී.



අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් කළ විමසීමක් අනුව පැවති දේශගුණ තත්ත්වය මත පසුගිය සිකුරාදා (09) දින රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළේය.

සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (12) දින නැවත අරඹනු ඇත.