
සෙවණගල ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක කිලෝ 20ක රන් බිස්කට් දෙන බවට ව්‍යාපාරිකයන් පිරිසක් රවටා රුපියල් ලක්ෂ 300 ක් වංචා කර පෙරේදා (19) සවස පලා ගොස් ඇතැයි සෙවණගල පොලිසිය පවසයි. සෙවණගල විහාරස්ථානයක වැඩ සිටි හිමිනම පසුගිය දිනවල එම විහාරස්ථානයේ නොසිට
සෙවණගල ප්‍රදේශයේම පිහිටි වෙනත් විහාරස්ථානයක වැඩ සිට ඇති බව පොලිසිය කියයි.එම විහාරස්ථානයේ සිටිය දී කිලෝ 20ක් බර රන් බිස්කට් ලබාදෙන බව පවසා දොඩන්දුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් විහාරස්ථානයට ගෙන්වා රුපියල් කෝටි තුනක මුදලක් ලබාගෙන හිමිනම අතුරුදන්ව ඇතැයි පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළි වී ඇත.
එම හිමිනමගේ පැමිණීම ප්‍රමාදයෙන් ව්‍යාපාරිකයන් පිරිස ඊයේ (20) උදෑසන සෙවණගල පොලීසියට ගොස් මේ බව දන්වාතිබේ.
මෙම හිමිනම දේශපාලන කටයුතුවලට සක්‍රියව දායකත්වය දක්වා ඇති අතර හිමිනම වැඩ විසූ විහාරස්ථානය පිහිටි ප්‍රදේශයේ ගම්වැසියන්ගෙන් ද මුදල් මෙන්ම රථවාහන වංචා සහගත ලෙස ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. මේ අතර තමන්වහන්සේ ළඟදීම විදේශගත වන බවට විහාරාධිපති හිමියන් ගම්වැසියන් සමග පැවසූ බව ද ගම්වැසියෝ පිරිසක් ප්‍රකාශ කළහ.මේ අතර මෙම ව්‍යාපාරිකයන් පිරිස ඇඹිලිපිටිය පොලිස් අධිකාරි කාර්යාලයට ද වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.
කේ.පී. සුමනදාස
Comments
Post a Comment
Your comment will be visible after approval