සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු මණ්ඩලයේ නමින් සිය පෞද්ගලික පරිහරණයට ලබාගත් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක් වටිනා කැබ් රථයක් ආපසු බාරදී නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.
හිටපු සභාපතිවරයා සිය පෞද්ගලික පරිහරණයට ගත් එම රථයට සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2020 වසරේ දෙසැම්බර් මාසයේදී මුදල් ගෙවා ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. වාහනය සඳහා මණ්ඩලයෙන් ගෙවන ලද මුදල හිටපු සභාපතිවරයාගෙන් අයකර ගැනීම හෝ මිලදී ගත් වාහනය සභාපතිවරයාගෙන් මණ්ඩලයට ලබාගැනීමට කටයුතු කරන ලෙස විගණකාධිපතිවරයා නිදේශ කර ඇත.
වාහනය සඳහා ගෙවන ලද මුදල පිළිබඳ කිසිදු තොරතුරක් මණ්ඩලයේ මූල්‍ය ප්රකාශනවල ඇතුළත්ව නැතැයිද විගණන වාර්තාවේ සඳහන් වේ.මෙම තොරතුරු ඇතුළත් වන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණනයට අදාළ වාර්තාවේ ය.
මුදිතා දයානන්ද
0 Comments