වෙළෙඳසැල් බිඳ භාණ්ඩ සොරකම් කළ ‘වීරකැටියේ සුදු අයියා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රන්න, කට්ටකඩුව ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.
මිද්දෙණිය නගරයේ ආපනශාලාවකට රාත්‍රි කාලයේ ඇතුළු වී එහි දෙවැනි මහලේ තිබූ දුම්වැටි බණ්ඩල 38ක් සහ පවුම් තුනකට අධික රන් මුදු තුනක් සොරකම් කිරීම සම්බන්ධයෙන් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සොරාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් එකොළොස් ලක්ෂ හැට දෙදහසක් පමණ වන අතර,
සැකකරු ආපනශාලාවට ඇතුළුවන අයුරු සී.සී.ටී.වී. කැමරාවක ද සටහන් වී තිබේ.
සොරකම් කළ දුම්වැටි බෑගයක දමා සැකකරු විසින් රන්න, කට්ටකඩුවේ වෙළෙඳසැලක දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, සොරාගත් රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකට උතස් කර තිබියදී සොයාගෙන තිබේ.
මෙවැනිම වූ සොරකම් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු තුනක්, මොරවක අධිකරණයේ එක් වරෙන්තුවක් සහ ඇඹිලිපිටිය අධිකරණයේ තවත් වරෙන්තුවක් ඇතැයි පොලිසිය කීවේය.
දැඩි ලෙස සූදූ ක්‍රීඩාවට ඇබ්බැහිවූවකු බව පැවසෙන මෙම පුද්ගලයා මෙලෙස සොරාගන්නා භාණ්ඩ අලෙවිකර ලැබෙන මුදලින් සූදු ක්‍රීඩා කරන බවද පොලිසිය පැවසීය. තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක චන්ද්‍රනාත් ඇතුළු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගත්හ.
අනීෂා මානගේ
0 Comments