අධික ශීතල හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 157 දෙනකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ. සතියකටත් අඩු කාලයක් තුළ මරණ සංඛ්‍යාව දෙගුණ වී තිබිණි. දශකයක පමණ කාලයකට පසු ඇෆ්ගනිස්තානයට බලපෑ දරුණුම ශීත සෘතුව මෙය බව සඳහන් වේ. මිනිසුන්ට අමතරව ගවයන්, එළුවන් වැනි සතුන් ද විශාල වශයෙන් මරණයට පත්ව ඇති බව එරට නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි. ම
ෙවැනි සතුන් 70,000ක් පමණ ශීතල නිසා මියගොස් ඇත.
ශීත කාලගුණය නිසා විපතට පත්ව සිටින පුද්ගලයන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට ද විශාල වශයෙන් බාධා එල්ල වී තිබේ. වැඩිම ශීතලක් පවතින කඳුකර ප්‍රදේශ වෙත වැටී ඇති මාර්ග බොහොමයක් හිමෙන් වැසී යාම නිසා එම ප්‍රදේශ වෙත ළඟා වීම අපහසු වී ඇත. මෙම මාර්ගවල සිර වී තිබූ වාහන තුළ සිටි පුද්ගලයන් ද බොහෝ දෙනකු අධික ශීතලෙන් මියගොස් තිබේ.
හෙලිකොප්ටර් යොදා ගනිමින් හමුදාව මෙම ප්‍රදේශ වෙත ළඟා වීමට උත්සාහ දරා ඇතත් ඇතැම් කඳුකර ප්‍රදේශවල හෙලිකොප්ටර් ගොඩබැස්සවීම දුෂ්කර වී ඇත.
‘වැඩි වශයෙන්ම මියගොස් ඇත්තේ එඬේරුන් සහ ඈත ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවයි. ඔවුන්ට ප්‍රමාණවත් තරම් වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ දුෂ්කරතාද පවතිනවා’ යැයි ආපදා කළමනාකරණය පිළිබඳ වැඩබලන ඇමැති මුල්ලා මොහොමඩ් අබ්බාස් ආකුන්ද් මාධ්‍ය සමග පවසා තිබිණි.
සහන් වික්‍රමගේ
0 Comments