ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය දිගින් දිගටම එරට තුළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිර්ම සම්බන්ධයෙන් දක්වන මන්දගාමී ක්‍රියාකලාපය පිළිබඳ අයි.සී.සී.ය කනස්සල්ල පළකර ඇත. ඇෆ්ගනිස්තානය පූර්ණ සාමාජිකත්වය හිමි රටක් වුවද, හෙට(14දා) දකුණු අප්‍රිකාවේදී ආරම්භ වන පළමු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට එරටින් කණ්ඩායමක් නියෝජනය නොකිරීම අයි.සී.සී.යේ මෙම අප්‍රසාදයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. කණ්ඩායම් 16ක් සහභාගි වන මෙම තරගාවලියට කණ්ඩායමක් නියෝජනය නොකරන එකම පූර්ණ සාමාජිකයා ඇෆ්ගනිස්තානය වෙයි.
තලේබාන් සංවිධානය බලයට පත්වීමත් සමග ඇෆ්ගනිස්තානය තුළ සියලුම කාන්තා ඉසව්වන්ට තහංචි පැන වූ අතර, මේ වන විට වසරකට වැඩි කාලයක් ගතවී ඇතත්, තවමත් එරට තුළ කාන්තා ක්‍රීඩාහි කිසිදු ප්‍රගතියක් නොමැත. නුදුරු අනාගතයේදීද එය සිදුවන ලකුණක් හෝ පෙනෙන්නට නැත. මේ සම්බන්ධයෙන් අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාර් ජෙෆ් ඇලර්ඩ්ස් පවසන්නේ, තලේබාන් පරිපාලනය විසින් එරට කාන්තාවන් සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා තහනම් කිරීමට නියෝග කිරීමත් සමග එරට තුළ ක්‍රීඩිකාවන්ට සුබවාදී අනාගතයක් උදාවනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවයි.
ඒ අනුව ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට්හි ප්‍රගතියක් සිදුනොවීම කනස්සල්ලට කරුණක් බවත්, මේ පිළිබඳ එළඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන කමිටු රැස්වීමේදී අවධානයට ලක්කරන බවත් ඇලර්ඩිස් පවසයි.තලේබාන් සංවිධානය එරට පරිපාලනය භාරගත්දා සිට බොහෝ කාන්තාවන් රටින් පලා ගොස් ඇති අතර,
තවත් සමහරු අදටත් එරටින් පිටව යාමට උත්සාහ කරමින් සිටියි. කාන්තාවන් රැසක් කාබුල්හි ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටියද, මේ වන විට ඔවුන් රාජකාර් සඳහා වාර්තා කිර්මක් නැත. ඉන් තවත් කිහිපදෙනෙක් විදේශගත වී ඇති බව වාර්තා වේ. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අසාද් උල්ලා පවසන්නේ, ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සැමවිටම දැවෙන ප්‍රශ්නයක් වී ඇති බවයි.
විශ්ව මුදියන්සේ
0 Comments