පවත්වන්නට නියමිත පළාත් පාලන මැතිවරණය තමන්ට අවාසිදායක නිසා කෙසේ හෝ නොපැවැත්වීමට රජය උත්සාහ දරන බව පසුගිය දිනවල සිදුවූ සිදුවීම් වලින් කරුණු හෙළි විය. එක් උත්සාහයක් වූයේ කැබිනට් තීරණයක් බව කියමින් පරිපාලන අමාත්‍යංශ ලේකම් නාමයෝජනා නැවතීමට උත්සාහ කරමින් යැවූ ලිපියකි. එම ප්රයත්නය ව්‍යවර්ථවූ පසුව තවත් අලුත් උපායක් ගැන දේශපාලන ආරංචි හෙළි කරයි.
මේ මැතිවරණය ස්වාධීන මැතිවරණ කොමිසමේ උවමනාවට අධිකරණයෙන්ද අවසර ලබාගෙන කරන්නට සිදුවූවක් බවට දැන් පත්ව තිබෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මැතිවරණය පවත්වන ලෙසයි. ඊයේ පාර්ලිමේන්තුවේදී අගමැති දිනේෂ් මැතිවරණ කොමිසමේ අයට එල්ලවූ තර්ජනයක් ගැන අසාමාන්‍ය හෙළිදරව්වක්කරන්නේ මේ අතරේදීය.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ මහතාට සහ මහා භාණ්ඩාගාරයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයකු වන සෙනෙවිරත්න බණ්ඩාර දිවාරත්න යන මහත්වරුන්ට කොමිසමෙන් වහාම ඉල්ලා අස්වන ලෙසට අරගලයේ සන්නද්ධ නායකයා ලෙස හඳුන්වා ගත් පුද්ගලයකු විසින් මරණීය තර්ජනය කරනු ලැබ ඇතැයි
ඔවුන් පොලිසියට පැමිණිලි කර තිබේ.
කොම්පඤ්ඤවීදිය පොලිසියට පෙරේදා (18) මෙම පැමිණිලි සිදුකර ඇත.
පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ නිවසේ රැඳී සිටියදී දෙන්නාගේ ජංගම දුරකතනයට වට්ස්අප් ඔස්සේ කතා කළ ‘අරගලයේ සන්නද්ධ නායකයා‘ ලෙස හඳුන්වා ගත් පුද්ගලයකු ඔහුට ද කොමිසමේ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වන ලෙසට තර්ජනය කර ඇති බවය. මෙම ඇමතුම් දෙකම එක දිනයේ ලබා දී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
මෙම පැමිණිල්ල අසාමාන්‍ය වන්නේ ‘අරගල නායකයෙකු‘ ඇත්තටම එසේ කතාකළේ නම් ඔහුට අවශ්‍ය මැතිවරණය පවත්වන්නට මිස නොපවත්වන්නට නොවීමය.
මේ අතර අද නිකුත්ව තිබෙන ‘අනිද්දා‘ පුවත්පත හෙළි කරන්නේ මෙම තර්ජන කතාව රජයේ උපායකට අනුව ගොතන ලද්දක් බවයි. ඒ අනුව ඉදිරි දිනවල දිවාරත්න,පතිරණ හා චාල්ස් යන මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඉල්ලා අස්වනු ඇති බවත් කොමිසමේ 5 දෙනාගෙන් ඉතිරිවන්නේ සභාපති පුංචිහේවා හා සාමාජික එම්එම් මොහොමඩ් පමණක් බවත්ය. ගණ පූර්ණ ප්‍රශ්නයක් මත කොමිසමේ කටයුතු ඒ අනුව අඩාලවීම මත මැතිවරණය නිසි වේලාවට පවත්වන්නට බැරිව යන බවද වාර්තාවේ.
නීතිරීති අනුව කොමිසමේ උපදෙස් නැතිව මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරන්නට සභාපති පුංචිහේවාට තනිව බැරිව යන නිසා මෙම තත්වය උද්ගත වන බවත් ඉවත්වන අය වෙනුවට අලුත් සාමාජිකයින් පත්කිරීමද එකවර සිදුකරන්නට බැරිව යන බවත් වාර්තාවේ.
අවසානයේ මැතිවරණය තවදුරටත් කල්දැමීමට රජයේ උපාය සාර්ථක වන ලකුණු මේ වනවිට පහළවී ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
මීට ටික දිනකට පෙර බණ්ඩාරනායක සමරුවක් අතර පැවති කතාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෙල්ගම මහතා ප්‍රකාශ කර සිටියේ මැතිවරණය පවත්වාවිද යන්න අවිනිශ්චිත බවත් රජය කුමක් හෝ තුරුම්පුවකින් එය කල්දැමීමට කුමන්ත්‍රණයක් දියත්වන බවත්ය.
0 Comments