aragalaya-julie-chang-us-ambasidor

පසුගියදා රජයට විරුද්ධව ඇති වූ 'අරගලය' පසුපස ක්‍රියාත්මක වූයේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි හිරු ටී.වී. සලකුණ සංවාදයට එක්වෙමින් ඊයේ රාත්‍රී සඳහන් කළහ.

 'බෝන් අගේන්' (Born Again) කල්ලිය අරගලය මෙහෙයවීමේ ප්‍රධාන පාර්ශ්වයක් ලෙස ක්‍රියාත්මක වූ බවත්  ජාත්‍යන්තර ඩයස්පෝරාව පවා ගෝල්ෆේස් අරගලය තුළ සිටි බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ කීහ.

රට අස්ථාවර කිරීමට වැඩි වශයෙන් අවශ්‍ය වූයේ ජාත්‍යන්තරයට බවත්, අරගලය ක්‍රියාත්මක මොහොතේ සිට 'රෝ (Roe) සහ CIA' ඔත්තු සේවය විශාල මෙහෙවරක් ඊට එක් කළ බවත් කීහ.

බෝන් අගේන් යනු 1980 වර්ෂයේ පමණ මෙරටට පැමිණි අමරිකානු ක්‍රිස්තියානු දහමේ එක් පාර්ශ්වකරුවෙක් වනබවත්, සමස්ත අරගලය ක්‍රියාත්මක කිරීමේ නොපෙනෙන හස්තය ලෙස ක්‍රියා කළේ බෝන් අගේන් ආගමික බැතිමතෙකු වන ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනි ජූලි චන්ග්  බවත්, කියා සිටි හිමියන්
ජාත්‍යන්තර ආක්‍රමණ මගින් අරගලය සේ ම මෙරට සම්පත් ද මංකොල්ල කෑමට උත්සාහ කළ බවත් ප්‍රකාශ කර තිබේ.