bandula-train

පසුගිය දෙසැම්බර් 31 වැනිදා දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගොස් ඇත්තේ සේවකයන් 410 දෙනකු පමණක් යැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (10) පැවසීය.ඒ අතර දුම්රිය ඉංජිනේරුවරුන් සිටින්නේ 6 දෙනකු පමණක් වන අතර, සෙසු පිරිස අධීක්ෂණ කළමනාකාරවරුන් තිදෙනකු,

නියාමකවරුන් 20 දෙනකු, දුම්රිය ස්ථානාධිපතිවරුන් 13 දෙනකු, රියදුරු ලොකොමෝටිව් රියදුරන් 9ක්, ෂන්ටින් රියදුරන් 4ක්, රියදුරු සහායක 13ක්, දුම්රිය ආරක්‍ෂකයන් 13ක්, තාක්‍ෂණ කළමනාකරණ සහායකවරුන් 66 ක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

විශාල පිරිසක් විශ්‍රාම යාමෙන් ධාවනය අඩාල වන බවට වාර්තා පළවුවත් එලෙස එක් ක්‍ෂේත්‍රයක විශාල පිරිසක් විශ්‍රාම ගොස් නොමැති බව ද ඇමතිවරයා කීවේය. බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුමත රියැදුරු සංඛ්‍යාව 458ක් වන අතර,

දැනට සිටින්නේ 296ක් බවත්, පුරප්පාඩු 162 පිරවීමට අවසර ඉල්ලා තිබෙන බවත් ඇමතිවරයා පැවසීය. මාර්ග ගැටලු නිසා අවශ්‍ය වේගයෙන් ධාවනය කළ නොහැකිවීම ආදී ගැටලු තිබෙන බව ද කී ඇමැතිවරයා දුම්රිය සේවයම වර්ජනය කර නතර කළත් පවතින තත්ත්වය අනුව මේ සියල්ල එක්වර විසඳීමේ හැකියාවක් තමන්ට නැතැයි ද කීවේය.


 ඩයනා උදයංගනී