2023 වසර සඳහා පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් සියයට 70ක් සම්පූර්ණ කරමින් චීන රජය සිකුරාදා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත රෙදි මීටර් 8,862,990ක පරිත්‍යාගයක් පිරිනැමීය.
වැඩබලන චීන තානාපති Hu Wei මහතා විසින් මෙම භාණ්ඩ තොගය අමාත්‍යවරයා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
සිසුන්ට කෙලින්ම ලබාදිය හැකි පරිදි කපා අසුරා ලේබල් කර ඇති රෙදි වලින් 1/3ක් දැනටමත් ලංකාවට ලැබී ඇත.
නුදුරු අනාගතයේ දී ඉතිරි රෙදිපිළි ලැබෙනු ඇත.මාර්තු 20 වන විට පාසල් වෙත නිල ඇඳුම් ලබා දෙනු ඇත
දිවයින පුරා පිහිටි සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා මෙන්ම ලක්ෂ 41ක් පමණ වන පිරිවෙන්වල ඉගෙනුම ලබන දූ දරුවන් හා භික්ෂූන් වහන්සේලා සඳහා 2023 පාසල් වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් මාර්තු 20 වැනිදා වන විට ලබා දෙන බව අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා පැවසීය.
0 Comments