මිල කළ නොහැකි පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු කිලෝ 25යි ග්‍රෑම් 870ක බරකින් යුතු චෛත්‍යය අනුරුව හා රන් පැහැති බුදු පිළිමයක් ළඟ තබා සිටි බවට සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ් භාරයේ රඳවා සිටින සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කෝටි 05ක් වැය කර ව්‍යාජ පුරා විද්‍යා සහතිකයක් සකස් කරමින් සිටින බවට නිර්නාමිකව ෆැක්ස් පණිවුඩයක් ලැබී ඇති බව අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා 24දා විවෘත අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් වේයන්ගොඩ, යටගම, එස්සැල්ල ප්‍රදේශයේ නිවසක් සෝදිසි කොට නිධානයකින් ලබාගෙන ඇති බවට සැක කෙරෙන මිල කළ නොහැකි පුරා විද්‍යාත්මක වටිනාකමකින්
යුතු චෛත්‍යයක අනුරුවක් හා රන් පැහැති බුදු පිළිමයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි. එම චෛත්‍යයක අනුරුව හා රන් පැහැති බුදු පිළිමය රුපියල් කෝටි ගණනකට විකිණීමට සැලසුම් කරමින් සිටින බවට ලද තොරතුරකට පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීම සිදුකර සැකකරුවන් දෙදෙනා සමග චෛත්‍යයක අනුරුවක් හා රන් පැහැති බුදු පිළිමයක් එලෙස අත්අඩංගුවට ගෙන තිබිණි. හසිත තරංග සමරකෝන් හා කේ. රාජේන්දුන් යන එම සැකකරුවෝ දෙදෙනා වේයන්ගොඩ පොලීසියට භාරදීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.අදාළ නඩු විභාගය 24දා නැවත කැඳවූ අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවෝ දෙදෙනා අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.
මෙහිදී වේයන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් පුරා විද්‍යා නිලධාර්න් පැමිණ පරික්ෂණයක් පැවැත් වූ නමුත්, ඒ පිළිබඳ වාර්තාව ඒවා නැති බවත්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවද ලැබී නොමැති බවද පොලිස් පරීක්ෂකවරයා පැවසීය.
මේ අවස්ථාවේ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විවෘත අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින්මෙම නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රුපියල් කෝටි පහක මුදලක් වැය කර කිසියම් පිරිසක් ව්‍යාජ පුරා විද්‍යා සහතිකයක් සකස් කරමින් සිටින බවට ෆැක්ස් මගින් අධිකරණයට ඒවා ඇති බවද පවසා සිටියේය.
එම ෆැක්ස් පණිවුඩය නිර්නාමිකව එවා ඇති හෙයින් ඒ පිළිබඳ කිසියම් පියවරක් ගැනීමට හැකියාවක් නොමැති නමුත්, එම ෆැක්ස් පණිවුඩය නඩු පොතට ගොනු කරන බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසීය. මෙයට අදාළ පුරා විද්‍යා වාර්තාව හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාව අධිකරණයට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරයා වේයන්ගොඩ පොලීසියට නියෝග කර, සැකකරුවන් දෙදෙනා තවදුරටත් ඊමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කළේය. එසේම අදාළ නඩු විභාගය පෙබරවාරි මස 07වැනිදා නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
0 Comments