බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ මැතිවරණ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ඔහුගේ ආධාරකරුවන් බ්‍රසීලියා අගනුවර ජනාධිපති මන්දිරය, කොන්ග්රසය සහ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කඩා වැදී ඇත.
ඉරිදා ජාතික කොන්ග්‍රසයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිලිවල බොල්සොනාරෝ ආධාරකරුවන් පැමිණ ජනේල සහ ගෘහ භාණ්ඩ කඩා දමන අයුරු සමාජ මාධ්‍යවල වීඩියෝ දර්ශනවලින් දැක්වේ.
රූපවාහිනී නාලිකාවක් වන ග්ලෝබෝ නිවුස් විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ සැරිසරන ආකාරය පෙන්නුම් කළ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කොළ සහ කහ - බ්‍රසීලියානු ධජයේ වර්ණවලින් සැරසී සිටි අයුරු දැක්විණි.
විරෝධතාකරුවන් පසුපසට තල්ලු කිරීමේ උත්සාහයක් ලෙස ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
පැය තුනකට මඳක් වැඩි කාලයක් පැවති වටලෑම පැමිණෙන්නේ බොල්සොනාරෝගේ වාම ප්‍රතිවාදියා වන ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ පදවි ප්රාප්තියෙන් සතියකට පසුව ය.
ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින්, ලූලා බ්‍රසීලියාවේ ‘ෆෙඩරල් ආරක්ෂක මැදිහත්වීමක්‘ ප්‍රකාශ කළ අතර එය මෙම මාසය අවසානය දක්වා පවතිනු ඇත.
මාධ්‍ය හමුවකදී ඔහු බොල්සොනාරෝට දොස් පැවරූ අතර අගනුවර ආරක්ෂාව නොමැතිකම ගැන පැමිණිලි කරමින් කියා සිටියේ බලධාරීන් “ෆැසිස්ට්වාදීන්ට” සහ “උමතුවෙන්” විනාශයක් කිරීමට ඉඩ දී ඇති බවයි.
ඔක්තෝබර් 30 ඡන්දයෙන් තවමත් පරාජය පිළිගෙන නැති සහ දැනට එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිටින බොල්සොනාරෝ, බ්‍රසීලයේ විද්‍යුත් ඡන්ද ක්‍රමය වංචාවක් යයි කියමින් ලූලාගේ ජයග්‍රහණයට එරෙහි විරෝධතා අවුලුවාලීමට අනුබල සපයා ඇත.
0 Comments