විදුලිබල අර්බුදයේදී වර්තමාන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන් දඩබ්බර ආකාරයට 680 කටයුතු කිර්මට යාමෙන් මෙම අර්බුදය සමාජ පිපිරීමක් කරා යා හැකි බව 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.ඒ අනුව විදුලි බිල 60%න් නැවත ඉහළ දැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද 10දා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා,
“ඊයේ වාර්තා වුණා පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට විදුලිබල ඇමති ඉදිරිපත් කළ විදුලි සංශෝධනය 60%න් පමණ සාමාන්‍යක් ලෙස විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවක් ගැන.
පසුගිය අගෝස්තු මාසයේ 75%න් ගාස්තුව ඉහළ දැම්මා. අපි කියනවා ලංකා විදුලිබල මණ්ඩලයට, මහජන උපයෝගිතා කොමිසමට කරුණාකරලා ජනතාවට ප්‍රසිද්ධ කරන්න 2022 වසරේ වියපැහැදම් විදුලි ගාස්තු වැඩි කිරීමට පෙර සහ විදුලි ගාස්තුව වැඩි කිර්මට පසු බොහෝම පැහැදිලිව අපට පේනවා අගෝස්තු මාසයේ වැඩි කළ විදුලි බිල මගින් කිසියම් දුරකට විදුලිබල මණ්ඩලයේ බලශක්ති වියදමත්, නඩත්තු වියදමත් ආවරණය වෙලා තිබෙනවා. ඒ නිසා ක්ෂය වීම හා මූල්‍ය වියදම් පාලනය කරන්න මේ 60%න් තවදුරටත් වැඩි කිරීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. මේ තුන් ගුණයකින් වැඩි කරන්න යන්නේ. මේ වැඩි කිරීම යුක්ති සහගතද?
මිලියන 1.1 ඉන්න රටේ දුප්පත්ම ජන කණ්ඩායමේ විදුලි බිල රුපියල් 360 ඉඳන් රුපියල් 1,300ට වැඩි වෙනවා. ඒ කියන්නේ හරියටම ඒකක 30 පාවිච්චි කරන අය. 261%න් වැඩියි. ඒකක 60ක් පාවිච්චි කරන අයගේ විදුලි බිල රුපියල් 780 ඉඳන් රුපියල් 2,560ට වැඩි වෙනවා 228%න්. එතන ඉන්නේ තවත් ලක්ෂ 14ක දුප්පත් ජනතාව. ඒ වගේම ඒකක 90ක් පාවිච්චි කරන අයගේ රුපියල් 1,800 සිට රුපියල් 4,430ට වැඩි වෙනවා. වැදගත්ම දේ තමයි ඒකක 1,000ක් පාවිච්චි කරපු අයගේ විදුලිබිල රුපියල් 69,000 සිට 71,000ට 4%න් වැඩි කරලා තිඛෙනවා. ඒ කියන්නේ ඒකක 30ට අඩුවෙන් පාවිච්චි කරන අතිශය දුප්පත් ජනතාව රටේම විදුලියෙන් 01%යි පාවිච්චි කරන්නේ.
මේක කිසිසේත්ම සමාජ සාධාරණත්වයට අදාළ වෙන්නේ නැති වැඩි කිරීමේ ක්‍රමවේදයක් තමයි මේ අනුගමනය කරලා තිබෙන්නේ. ආණ්ඩුවේ අකාර්යක්ෂමතා නිසා විදුලි ඒකකයට වැඩි මුදලක් ගෙවන්න පාරිභෝගිකයාට සිදු වී තිබෙනවා.
අපි රජයෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දඩබ්බර ප්‍රතිපත්ති අපි වෙනස් කරන්නේ නෑ, කැමති එකෙක් ඉන්න, අපි ලයිට් කපනවා එහෙ ලෑස්ති වෙන්න කියනවා වගේ දඩබ්බර විදියට කටයුතු කරන්නේ නැතිව මේ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. එහෙම නැතිනම් මේක මහා සමාජ පිපිරීමක් කරා යන්න පුළුවන් හේතුවක් වෙනවා. ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න වුණේ, චන්ද්‍රිකා මැතිනියට 2001 ගෙදර යන්න වුණේ විදුලි අර්බුදයක් නිසා, ඒ තත්ත්වය ඇති කර ගන්න එපා. රටට මේක ඔරොත්තු දෙන්නේ නෑ” යනුවෙන් සඳහන් කළේය.
දිනේෂ් සමරකෝන්
0 Comments