champika-welgama

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් 43 වැනි බලසේනාව ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට එකඟතාවකට පැමිණ තිබේ.





පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු 43 වැනි බලසේනාව දේශපාලන පක්ෂයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බවද රණවක මහතා පැවසීය.

“අපි මේ 43 වැනි බලසේනාව හැදුවේ දේශපාලන පක්ෂයක් විදියටවත් මැතිවරණ ඉලක්ක කරගෙනවත් නෙවෙයි. ගිය අවුරුද්දේ රට බංකොලොත් වුණාට පස්සේ දේශපාලන පක්ෂයක් කරන්න අපි තීරණය කළා. නමුත් කාලය ඒකට ඉඩ දුන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා 43 වැනි බලසේනාව මේ විදියට පරිවර්තනය කරන්න.

පළාත් පාලන මැතිවරණයෙන් පසු දේශපාලන පක්‍ෂයක්‌ ගොඩනඟා අනාගතයේදී සමාන අදහස්‌ ඇති අය සමඟ එක්‌වන බවද ඔහු පැවසීය.