damithri-subasinghe-speaks

සම්පූර්ණ නම මොකක්ද?

දමිත්‍රි නිශාදි සුබසිංහ

පුද්ගලික විස්තර?


අපේ පවුලේ අම්මයි, තාත්තයි, මමයි විතරයි මං පවුලෙ එකම දරුවා. ඉපදුනදා සිට වාසය කරන්නේ කොළඹ 06, නාරාහේන්පිට. ගියේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවට අම්මා තාත්තා කලාවට සම්බන්ධ අය නොවේ. හැබැයි කලාවට හරි ආසයි. අම්මා  හොඳ ගෘහණියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා කලාවට ආස නිසා තමයි මාව  වැඩිපුරම කලාවට උනන්දු කළේ.
මං ගමේ චරිත රඟපෑවට ගමේ පරිසරයක හැදිලා නැහැ. ඒත් ගමට ආස කළා. සියල්ල සිද්ධ වුනේ තනිවම. බෝනික්කෝ නැලෙව්වා. සෙල්ලම් බත් ඉව්වා. ඒ කාලේටත් මම හරි ආදරෙයි.
ශාන්ත පාවුළු බාලිකා විදුහලේ මම උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාවයි. විවිධ සංගම්වල වැඩ ගොඩක් කරා. හොඳ යහළුවන් පිරිසකුත් හිටියා. හැබැයි පාසැලේදී රඟපාලා නැහැ. නමුත් දිගටම පාසලේදී නර්තනය හැදෑරුවා. උසස්පෙළට මම වාණිජ අංශයෙන් තමයි ඉගෙන ගත්තේ. බැංකුවක රස්සාවක් තමයි අපේක්ෂා කරේ.වසර තුනක් මම පෞද්ගලික බැංකුවක සේවය කළා.රංගන කටයුතු නිසා මම බැංකුවෙන් ඉවත් වුණා.



නිළියක් වුණේ කොහොමද?

ඒක වුනේ අහම්බෙන්.  2019 අවුරුද්දේ දෙරණ නාළිකාවේ අවුරුදු කුමාරිය ලෙස තේරුණේ මමයි. ඒ තමයි මගේ
හැරවුම් ලක්ෂය වුණේ. අම්මා තමයි මගේ අයදුම්පතක් තරගයට ඉදිරිපත් කරලා තිබුනෙ. අවසන් දොළොස් දෙනාට තේරුණා.
එතැනදී අපේ දක්ෂතාවය, ලස්සන, හැමදේම බැලුවා. අවසානයේදී ඒ අවුරුද්දේ අවුරුදු කුමරිය විදිහට
ජයග්‍රහණය කරන්න මට හැකියාව ලැබුණා.අවුරුදු කුමරිය වුණාට පස්සේ දිලූක ගුණතිලක මහතා අධ්‍යක්ෂණය කළ නොනිමි ටෙලි චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒක පෝය දාට විකාශනය වුණ කතාවක්. ඊටපස්සේ පාවෙලා වලාකුළේ ඒවිද අම්මා
ටෙලිනාට්‍යයටත් පසුව ඉස්කෝලේ ටෙලිනාට්‍යයටත් මාව ගත්තා.

ඔබ විවාහ වෙන්න තෝරගත්ත කෙනා කවුද?


එයාගේ නම කේසර එයා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. මං අඳුන ගත්තේ බැංකුවේ රැකියාව කරද්දී එයාත් මං හිටපු බැංකුවෙම රැකියාව කරේ.  එයාගෙන් ලොකු සහයෝගයක් මට තියෙනවා. එයා මාවත්, හොඳින් තේරුම් ගත්තු මට ගොඩක් ආදරය කරන කෙනෙක්. පෙම්වතා වෙන්න කලින් එයා තමයි මගේ හොඳම යාළුවා වෙලා හිටියේ. අපි කාලයක් එකට වැඩ කළා, මං දෙරණ අවුරුදු කුමරිය වෙලා වසර දෙකකට පස්සදෙි 2021 සිරස අවුරුදු කුමරා තරගයේ දෙවැනි ස්ථානය දිනුවේ එයා. මට වගේම එයාටත් රංගනයට ආරාධනා ලැබුනා, හැබැයි එයා දිගටම තෝරාගත්තේ එයාගේ රැකියාව, හැබැයි මම මේ ක්ෂේත්‍රයේ ඉන්නවට එයාගේ කිසිම අකමැත්තක් නෑ.