dialog-4g

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් 4G Broadband ජාලයේ ධාරිතාව ඉහළ නංවමින් එය පුළුල් කිරීම සඳහා 2023 දී සිය 3G ජාලය අත්හිටුවීමට සැලසුම් කර ඇති බව නිවේදනය කරයි.  3G සම්බන්ධතාවන්ගෙන් Dialog ජාලය තුළ 1%කටත් වඩා අඩු ඩේටා ධාරිතාවක් පමණක් භාවිත කරන බැවින්, තාක්ෂණය යල්පැන ගිය 3G ජාලය වෙනුවට 4G ජාල පුළුල් කිරීම මගින් 4G ජාලයේ කාර්යක්ෂමතාව වැඩිවී 4G ඩේටා පාරිභෝගිකයන්ට අන්තර්ජාලය භාවිතයේදී වඩා හොඳ අත්දැකීමක් හිමිවනු ඇති බව සමාගම පවසයි.



3G ජාලය අත්හිටුවීමත් සමග එය භාවිත කරන්නන්ට සහාය වීම සඳහා, ඩයලොග් විසින් තම සේවා ජාලය හරහා ලබාගත හැකි ඉහළම වටිනාකමින් යුත් 4G ස්මාට්ෆෝන්, Dialog Lesi Pay වාරික සැලසුම් ක්‍රම යටතේ ලබාදීමට කටයුතු කර ඇති අතර, පාරිභෝගිකයන්ට ළඟම පිහිටි අලෙවි නියෝජිතයෙකු වෙත පිවිසීමෙන් නොමිලේම 4G SIM යාවත්කාලීන කර ගැනීමටද ඉඩ සලසා තිබේ. මේ පිළිබඳ වැඩි විස්තර dialog.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ අපගේ පාරිභෝගික සේවා කණ්ඩායම ඇමතීමෙන් ලබාගැනීමට හැකි බවද වැඩිදුරටත් නිවේදනය කරයි.