තමන්ට කළ තර්ජනයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලිස්ථානයට ගිය වෛද්‍යවරයකුට පහර දී පොලිස් කූඩුවේ රඳවා තැබීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය 2018 වසරේදී සිදු වූ එම සිද්ධියට
සම්බන්ධ තලංගම පොලිස්ථානයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු මහතාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට ඊයේ (25) නියෝග කළේය.එකී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වන්දි ලෙස සිය පෞද්ගලික මුදලින් රුපියල් පනස්දහසක මුදලක් අදාළ වෛද්‍යවරයාට ගෙවන ලෙස එම පොලිස් පරීක්ෂකවරයාට නියම කෙරුණු අතර, ඊට අමතරව රුපියල් පනස්දහසක වන්දි මුදලක් එම වෛද්‍යවරයාට ගෙවන ලෙස රජයට නියම විය.
අදාළ සිද්ධිය මඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා වෛද්‍ය හරේන්ද්‍ර ද සිල්වා ජයසිංහ මහතා ගොනු කළ පෙත්සමක් විභාග කර එහි තීන්දු ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ නියෝගයන් කළේය.
ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයිරාජා සහ කුමුදුනි වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කළාය.
පුද්ගලයන් පිරිසක් තමන්ට සිදුකළ තර්ජනයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට 2018 වසරේ නොවැම්බර් මස 16 වැනිදා තලංගම පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී සිය පැමිණිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු නොකර තමා හැඳ සිටි කමිසයෙන් අල්ලා පොලිස් කූඩුවට දමා එහි රඳවා තැබීමට කටයුතු කළ බවට පෙත්සම් විභාගයේදී කරුණු ඉදිරිපත් කෙරිණි. කරුණු සලකා බැලූ අධිකරණය සිය තීන්දුව ප්‍රකාශය කරමින් සඳහන් කළේ මෙම පෙත්සමෙන් ඉදිරිපත් කරන කරුණු පිළිගන්නා බවය. එම සිද්ධිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (1) මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන බව අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළාය. නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.
0 Comments