fb-whatsapp-government

රාජ්‍ය සේවකයන් රාජකාරි වෙලාවේදී ජංගම දුරකථන භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බවය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න සිය ධුරයේ ඊයේ (02) රාජකාරි ආරම්භ කරමින් ප්‍රකාශ කළේය.





එහිදී ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද කීය.

"විශේෂයෙන්ම තමුන්ගේ දුරකථනය වෙන්නට පුළුවන්. නමුත් උදේ පටන් ගත්තාම ඒකේ ෆේස්බුක්, වට්ස්ඇප් මැසේජ් බල බල ඉන්න එපා. ඒකේ යම් දෙයක් කළාට කමක් නැහැ. නමුත් මුළු දවසම දුරකථනයත් එකක් සම්බන්ධවෙලා ඉන්න එපා. මොකද මම දැකලා තියෙනවා මම ගිය ගොඩක් ඒවයේ අර ආපු මිනිස්සු දිහා බල බල කරන පළවෙනි වැඩේ තමයි දුරකථන ඇමතුම් ගන්න එක. නැතිනම් ෆේස්බුක් යන එක. ඒ හින්දා මම දන්නවා පුද්ගලික අංශයේ අද වෙනකොට එනකොට ජංගම දුරකථනය ලොකර් එකේ දාලා එන්නේ. යනකොට තමයි දුරකථනය දෙන්නේ. ඒ මට්ටමට මේක අරගෙන යන්නේ නැතිව අවශ්‍ය වුණොත් ඒ පියවර ගන්න බැරිකමකුත් නැහැ. ඒ නිසා මම කියන්නේ මෙහෙට විතරක් නෙමෙයි මුළු රජයේ සේවයට. ඒ කියන්නේ ඒක අධික්ෂණය කළයුතු වෙනවා."

චාමර පල්ලේගෙදර