fuel-price-down

අද (02) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ගයන් කිහිපයක සිල්ලර මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හා ලංකා ඉන්දීය තෙල් සමාගම තීරණය කර තිබේ.



ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව රුපියල් 420ක්ව පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වේ.
රුපියල් 365ක්ව පැවැති ලංකා භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රු. 355කි.
පෙට‍්‍රල් මිල කිසිදු වෙනසක් සිදු නොවෙයි.