
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාඩුවක් ගත කරමින් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට ප්‍රකට පෞද්ගලික සත්වෝද්‍යානයක් වන ෆේම් පාර්ක් වෙත ගොස් සතුන් නරඹන ඡායාරූප කිහිපයක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.
ඩුබායි හි 'ෆේම් පාර්ක්' හි හිමිකරු වන්නේ සයිෆ් අහමඩ් බෙල්හාසාය. ඔහු රාජපක්ෂගේද හිතවතෙකි. ඔහු ගෝඨාභය රාජපක්ෂ සිය සත්ව උද්‍යානයට පැමිණි අවස්ථාවේ සාකච්ඡාවකද නිරතවන අතර පසුව ඔහු සමග සතුන් ස්පර්ශ කරමින් ඡායාරූප වලටද පෙනී සිටී.
Saif Ahmad Belhasa අනතුරුව සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ඔස්සේ එම ඡායාරූප ප්‍රසිද්ධ කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval