hilerian-perera-speaks

ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු මෙන්ම රූපවාහිනි හඬ කැවීමේ ශිල්පියකු ලෙස දශක පහකට ආසන්න කාලයක් තිස්සේ ජනප්‍රිය නාමයක් දිනාගෙන සිටින හිලේරියන් පෙරේරා මහතා මේ දිනවල පානදුර නගරයේ ජනප්‍රිය මාවත ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳාමේ යෙදී සිටින ආකාරය බොහෝ දෙනකුට සුලබ දසුනකි. හිලේරියන් පෙරේරා මහතා කුඩා දරුවන් අතර ප්‍රචලිත කාටුන් වැඩ සටහනක් වන සූර පප්පා නමින් ප්‍රසිද්ධ චරිතයක් වන අතර දශක ගණනාවක් තිස්සේ ගුවන් විදුලියෙන් විකාශය වූ මුවන්පැලැස්ස නාට්‍යයේ වර්තමාන පිනාගේ චරිතයට හඬකැවීම් ලබාදෙන්නේ ද ඔහුය.



පානදුර ප්‍රදේශයේ තවත් ජනප්‍රිය කලා ශිල්පිනියක මෙන්ම අභාවප්‍රාප්ත කලා ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතාගේ සහෝදරිය වන එල්සී ශ්‍රියාලතා මහත්මිය සමග විවාහ වී සිටින හිලේරියන් මහතා මේ දිනවල සිය බිරිඳගේ මැහුම් ව්‍යාපාරයේ ඇඳුම් විකිණීමට සිය සහයෝගය ලබා දෙයි. ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ කීවේය.

‘‘මං පහුගිය කාලයේ කරපු වැඩවල සල්ලි මට තාම ලැබිලා නැහැ. ඉතින් එම ආයතනවල පරිපාලනයත් එක්ක රණ්ඩු කරල වැඩක් නෑ. නඩු කියලා වැඩකුත් නෑ. බොහොම අහිංසක විදියට පදිකවේදිකාවේ ඉඳලා බිරිඳගේ මේ ස්වයං රැකියා ව්‍යාපාරයට උදව්වක් කරන්න තමයි කටයුතු කරන්නේ. කීයක් හම්බවුණත් මදි. කලා කටයුතු වලින් ලැබෙන මුදල් ජීවත් වෙන්න මදි. ඒ කියල බෑනේ ජීවිතය ගැට ගහගන්න ඕන’” ඔහු සඳහන් කළේය.
(උදවුවක්  කරන්න  කැමති  නම් 0786199656   අමතන්න)

සමන් කාරියවසම්