
එළැඹෙන නිදහස් උත්සවය පැවැත්වීමට විරෝධය දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ වන විට කොළඹ නිදහස් සැමරුම පවත්වන ස්ථානයේ කණුවල කළු පටි බඳිමින් තම විරෝධය එල්ල කර තිබෙයි. ඇය ඉල්ලා සිටින්නෙ රටේ ජනතාවට එතැනට පැමිණ එළැඹෙන නිදහස් උත්සවය පැවැත්වීමට විරෝධය දක්වන ලෙසයි. විරෝධය දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ කියා සිටියාය.
මොන තරම් මේ රටේ ප්‍රශ්න තියෙනවද? ඊට පස්සෙ කියනවා ඡන්දයක් තියන්න සල්ලි නැහැ කියලා. එතකොට මේ රටේ රනිල් රාජපක්ෂ විසින් මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදලා තියෙනවද? බෝඩ් එකක් අර එළියට බහින්න බෑ මර්දනය කරනවා. කොහෙද නිදහසක්. අපේ පාලකයින් විසින් අපේ රටේ නිදහස නැතිකරලා තියෙන්නෙ.
එහෙනම් අපි ඉල්ලා සිටින්නේ රටේ ජනතාවගෙන් කරුණාකරලා මෙතනට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ උත්සවයට විරෝධතාවය දක්වමින් මෙතන කළු පටි බඳින්න. දැන් අපි මෙතන බැඳපු කළුපටි ටිකත් මේ ටිකට ගලවලා. මේ පාලකයින්ගේ හෙන්චංයෝ ටික. අපි ඉල්ලා සිටිනවා කරුණාකරලා මෙතනට ඇවිල්ල මේවට විරෝධතාවය දක්වන්න රටේ ජනතාව විදිහට. අපි ඉල්ලා සිටින්නේ ඒකයි.
ඇය තව දුරටත් පැවසූයේ මෙම නිදහස් උත්සවය සඳහා මිලියන දෙසීයක් යනු විශාල මුදලක් බවත් ජනතාවට වියදම් කරන්න මිලියන දෙසීයක් කිසිසේත්ම අවශ්‍ය නොවන බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval