හෝමාගම ගොඩගම බස්රථ හිමි ව්‍යාපාරිකයකුගේ නිවසට පෙරේදා (28) රාත්‍රී තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන කඩා වැදුණු දස දෙනකුගෙන් පමණ පිරිසක් සිදුකළ පහර දීමෙන් එම ව්‍යාපාරිකයා සහ රියදුරකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
ත්‍රීරෝද රථ, මෝටර් රථ සහ යතුරු පැදිවලින් පැමිණ තිබූ සන්නද්ධ පිරිස දෙමහල් නිවසේ ඉදිරිපස දොර කඩා නිවස තුළට කඩා වැදී එහි දේපළවලට අලාභානි කරමින් ව්‍යාපාරිකයාගෙන් "කෝ උඹගේ ඩ්‍රයිවර්ලා, ගෝලයෝ ටිකයි" යනුවෙන් පවසමින් ව්‍යාපාරිකයාට බිම දමා හිස හා පපු ප්‍රදේශයට ද පහරදී ඇතැයි පොලීසිය සඳහන් කරයි.පැමිණි පිරිසගේ ශබ්දය ඇසී ඉහළ මාලයේ නිදා සිටි රියැදුරකු පහත මහළට පැමිණීමත් සමඟම ඔහුට ද එම පිරිස එක්ව පහර දී ඇත. අනතුරුව එම පිරිස මීගොඩ කොස්හේන ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයාගේ පුතුගේ නිවසට සහ එහි නවතා තිබු යතුරු පැදියකට ගල් මුල්වලින් පහර දී අලාභානි කර ඇතැයි ද පොලිස් නිලධාරියෙක් පැවැසීය. ව්‍යාපාරිකයාට අයත් බස් රථයක් පෙරේදා (28) කොළඹ සිට හෝමාගම දෙසට පැමිණීමේ දී තවත් බස් රථයක් ද කොළඹ සිට පාදුක්ක කරා පැමිණ ඇතැයි ද මගීන් ගැනීමේදී රියදුරන් දෙදෙනා සහ කොන්දොස්තරවරුන් දෙදෙනා අතර ඇති වූ ප්‍රශ්නයක් එදිනම සමථයකට පත් වී තිබූ බවට පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබිණි.
එම බස් රථය හිමි පුද්ගලයා සහ ඔහුගේ ගෝල බාලයන් පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවත් පහර කෑ බස් රථ ව්‍යාපාරිකයා පිරිස හඳුනාගෙන ඇතැයි ද පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. පහර කෑ ව්‍යාපාරිකයා හා රියදුරු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments