හොරොව්පතාන ප්‍රදේශයේදී 10 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට සැකපිට පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලිසිය පවසයි.
සැකකරු විසින් පවත්වනු ලබන උපකාරක පන්තිවලට ඇය සහභාගි වී සිටියදී සැකකරු මෙම දරුවාට අතවර කර ඇත.
සැකකරු කහටගස්දිගිලිය ප්‍රදේශයේ ගුරුවරයෙකු වන අතර ඔහු අවුරුදු 10ක ගැහැණු දරුවෙකුගේ පියෙකු බවද වාර්තා විය.
උපකාරක පන්තිය අතරතුරදී ලිංගික අතවරයකට ලක්ව ඇති අතර එදිනම පන්තිය නිමවී නිවසට පැමිණි පසු දෙමාපියන්ට මේ බව දන්වා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් දෙමාපියන් කිසිදු නීතිමය පියවරක් නොගෙන නිහඬව සිට ඇත.
අනතුරුව වෙනත් පාර්ශ්වයකින් අපයෝජනය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත හොරොව්පතාන පොලිසිය ඊයේ (08) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
0 Comments