75 වැනි නිදහස් දින සැමරුමට තර්ජනයක් විය හැකි සටහනක් FB හි හුවමාරු කළ බව කියමින් 40 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
"ඔබත් 75 නිදහස් උළෙලේ ආරාධිත අමුත්තෙක් ද? එසේ නම් ජනතා උත්තමාචාර මැද බේරේ වැවේ දිය කෙළීමට සූදානම්ව පැමිණෙන්න” යැයි ඔහුගේ සටහනේ දක්වා තිබී ඇත.
මොහු පසුගිය වසරේ පැවති අරගලයේ ක්රියාකාරිකයෙකු බවත් මහරගමදී අත්අඩංගුවට ගත් බවත් පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි.
ෆේස්බුක් ගිණුම හරහා මහජන කැළඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව සටහනක් පළ කර ඇති බව පැමිණිල්ල යොමු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ජනාධිපති මන්දිරයට ඇතුළු වීම සහ රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීම වැනි චෝදනා යටතේ මින් ඉහත අත්අඩංගුවට ගෙන තිබූ අයෙකු බවද පොලිසිය පවසයි.
75 වැනි නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි වීමට නියමිත අයට තර්ජනය කරමින් සැකකරු ෆේස්බුක් ඔස්සේ සටහනක් තබා ඇති බව දක්වමින් ඔහු නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි
0 Comments