kahatagasdigiliya-mother-death
ඊයේ (03) රාත්‍රී කාලයේ කහටගස්දිගිලිය පොලිස් වසමේ ඊතල්වැටුනවැව, ප්‍රදේශයේ වෙල්යායකදී කාන්තාවක උදැල්ලකින් පහරදීමකින් ඝාතනය කර ඇති බව කහටගස්දිගිලිය පොලිසිය පවසයි.




තම කුඹුරට ජලය හැරවීමේ දී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇයගේ ඥාති පුත්‍රයකු සමඟ ඇතිකරගන්නා ලද බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු ඇයට පුංචි අම්මා යයි පවසන ඥාති ප්‍රත්‍රයා විසින් උදැල්ලකින් හිසට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව දැනට පොලිසිය සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් වන ඊතල්වැටුනවැව, මහපොතාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පහරකෑමට ලක්වූ කාන්තාව එම ස්ථානයේම මියගොස් ඇති අතර අද (04) මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ තබා ඇත. සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 31ක් වන ඊතල්වැටුනුවැව, මහපොතාන ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.