karandeniya-incident

අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් සිටි බව කියන කාන්තාවකගේ නිවෙසට රිංගූ පොලිස් කොස්තාපල්වරයකු ඇයගේ සහෝදරයා ඇතුළු පිරිසක් විසින් අල්ලා කරන්දෙණිය පොලිසියට පෙරේදා (29) බාර දෙනු ලැබ ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.



මෙම පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ සැබෑ නම හෙළි නොකර වෙනත් නමකින් පෙනී සිටිමින් මෙම කාන්තාව සමග කාලයක් තිස්සේ සිට අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි එම නිලධාරියා කීය.

තමා අවිවාහක අයකු බවද කොස්තාපල්වරයා එම කාන්තාවට පවසා ඇතැයි කියති. අම්බලන්ගොඩ පොලිසියේ  රාජකාරි කරන සැකකාර පොලිස් කොස්තාපල්වරයා විවාහක අයකු බවද පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සැකකාර කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමටද උසස් පොලිස් නිලධාරියෙක් කටයුතු යොදා ඇත.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය