ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා ඊයේ (29දා) අභාවප්‍රාප්ත විය. හදිසි රෝගී තත්ත්වයක්
හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ඔහු මියයන විට 81 හැවිරිදි වියෙහි පසු විය.
වේදිකා නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය යන ක්ෂේත්රවල දැවැන්තයෙකු වූ කේ.බී.
හේරත් මහතා 1979 වසරේදී ‘සුදුකරල්’ වේදිකා නාට්‍යය රචනා කරමින් ක්ෂේත්රයට පිවිසියේය.
ඔහු
ටෙලිනාට්‍ය පිටපත් 500ක් පමණ සහ ඒකාංගික නාට්‍ය පිටපත් 200ක් පමණ රචනා කර ඇත.
ඔහු විසින් රචිත ‘මායාදේවී’, ‘නාග ගුරුළා’, ‘දෝන කතිරිනා’, ‘දෙවැනි මහින්ද’, ‘කළුකුමාරි’,
‘වාසුදේව’, ‘යසෝදරා’ හා ‘ජගන්මා’ යන නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙළවලදී හොඳම නාට්‍ය
රචනය, අධ්‍යක්ෂණය ආදී අංශ යටතේ සම්මාන හිමි කර ගත්තේය.
‘දෝන ඉසෙබෙලා නොහොත් ගජමන් නෝනා’, ‘සක්විත්තෝ’, ‘ඉසිවර අසපුව’, ‘ඉති අතු’, ‘ගිරි
දෙරණ’, සඳගිරි පව්ව’, ‘මිහිමඩල ගිනිවදී’, ‘සුවඳ පත්ම’, ‘දෙනුවර මැණිකේ’, දියවඩන මළුව’,
‘ටිකිරි නිලමේ’, ‘සසර සෙවණැලි’ ඔහු රචනා කළ ටෙලි නාට්‍ය අතුරින් කිහිපයකි.
එමෙන්ම ‘ඉංගම්මාරුව’ ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව ඇතුළු ඒකාංගික ටෙලි නාට්‍යද ඔහු රචනා කළේය.
ඊට අමතරව වසන්ත ඔබේසේකරයන්ගේ ‘දොරකඩ මාරාව’ චිත්‍රපටයේ පිටපත රචනා කිරීමටද සහාය වී
ඇති කේ.බී හේරත් මහතා ‘සුදු සළු’, ‘අපි මැරෙන්නෙ නෑ’ සිනමා පටවල තිර රචකයාද වෙයි.
කුරුණෑගල, නවගත්තේගම ඉපදී, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කේ.බී හේරත් මහතා
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ඔහු කලාවට සිදු කළ සේවය අගයමින් පසුකාලීනව
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය උපාධියක්ද පිරිනැමීය.
0 Comments