koggala-food-poisoning

ආහාර විස වීමකින් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 54 දෙනකු ඊයේ 3 වැනිදා උදේ රෝහල් ගත කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 

මෙම පිරිස පෙරේදා 2 වැනිදා රාත්‍රි කම්හලේ පැවැති සාදයකට සහභාගි වී 3 වැනිදා උදෑසන කම්හලට පැමිණ ආහාර ගැනීමෙන් පසු රෝගී වී බොහෝ දෙනෙකු ක්ලාන්ත වී ඇද වැටෙන්නටත් බඩේ අමාරු ඇති වීමටත් පටන් ගැනීම නිසා ගිලන් රථවලින් ඔවුන් කරාපිටිය රෝහලටත් හබරාදූව ග්‍රාමීය රෝහලටත් අහංගම ග්‍රාමීය රෝහලටත් ගෙන යාමට කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි.

කරාපිටිය රෝහලට 32 දෙදෙනකුද හබරාදූව ග්‍රාමීය රෝහලට 25 දෙනකු ද අහංගම ග්‍රාමීය රෝහලට 02 දෙදෙනකු ද ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෝ පැවසූහ. සිද්ධියෙන් පසු අනෙක් සේවක සේවිකාවන් නිවෙස්වලට යැවීමට කම්හල්  පාලනාධිකාරිය පියවර ගත්තේය.  සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව පරීක්ෂණ පවත්වති.


ඩී.ජී. සුගතපාල