mervin-silwa-fake-dalada

පසුගිය මැතිවරණයේදී එජාපයෙන් තරග කර පරාජය වූ  හිටපු රාජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා යළිත් වරක් කරළියට පැමිණ තිබේ. කුරුණෑගල - පොතුහැර, වදාකඩ ප්‍රදේශයේ දැනට වැඩ නිමවෙමින් පවතින මහනුවර ශ්‍රී දළදා මාලිගාව හා සමාන හැඩැති ගොඩනැගිල්ලට ඊයේ (07) උදෑසන ගිය ඔහු සති දෙකක් ඇතුළත කඩා බිඳ දමන ලෙස එහි හිමිකරුට නියෝග කර ඇත.



හොර දළදා මාලිගාවක් හදනවා කියලා  හාමුදුරුවෝ පොලිසියට පැමිණිල්ලක් කරලා තිබුණා.  ඉදිකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාත් පොලිසියට උපදෙස් ලබාදී තිබුණා.
මර්වින් සිල්වා කියා සිටියේය.
ආධාරකරුවන් කැටුව ගිය මර්වින් සිල්වා ගොඩනැගිල්ලට කඩා වැදුණු අතර ගොඩනැගිලි හිමි බෝසත් සේනාධිපතිට ‘බෝසත්’ යන නම වහා වෙනස් කර සති දෙකක කාලයක් තුළ දළදා මාලිගාවට සමාන පත්තිරිප්පු අනුරුව විනාශ කරන ලෙස අණ කළේය.


මේ අතර එම අවස්ථාවේ තවත්කාන්තාවක කියා සිටියේ තවත් ස්තානයක කතෝලික පල්ලියක්ද මේ ආකාර අනුරුවක් තනා ඇතිබවය. මර්වින් කියා සිටියේ ඒ වෙතද යන බවයි.
පසුගිය මහින්ද රාජපක්ෂ ජනපති සමයේ නීතියට පිටින් ගොස් බිය ගැන්වීම් තුළින් යම් යම් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා නමක් උසුලා තිබෙන්නෙකි. ඔහු ඒ අනුව කළ ඇතැම් හොද වැඩද තිබුණි. නමුත් ඔහුගේ නීතියට පිටින් වූ හැසිරීමට ඒ කාලයේ කිසිවෙකු අභියෝග නොකළේ ඔහුට රාජපක්ෂ ආරක්සාව නිතැතින් ලැබී තිබුණ බැවිනි.