හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන ප්‍රදේශයේ පිහිටි නිවසේදී ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියකින් පොලිස් සැරයන්වරයකුට වෙඩි තැබීමට උත්සාහ කළ සිදුවීමක් වාර්තාවේ.
මෙලෙස වෙඩි තබන්නට ගිය බව කියන සැරයන්වරයා සමඟ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.
ඔහුට රාජකාරි සඳහා නිකුත් කර තිබූ ගිනි අවියෙන් මෙම වෙඩි තැබීම සිදුකරන්නට උත්සාහ ගෙන ඇත්තේ කිසියම් පුද්ගලික පළහිලව්වක් නිසාදැයි පරීක්ෂණ සිදුවේ.
ගිනි අවිය සමඟ ජීව උණ්ඩ තිහක් සැකකාර කොස්තාපල්වරයාට නිකුත් කර තිබූ අතර ඉන් එක් උණ්ඩයක් අතුරුදන්ව ඇති බවත් එම උණ්ඩයට සිදුවූයේ කුමක් දැයි පොලිසිය පරීක්ෂණ පවත්වන බව සඳහන් කර තිබේ.
හිටපු ජනපති ගෝඨාභය ජන අරගලය සිදුවූ කාලයේ 2022 අප්‍රේල් මාසයේ සිට මෙම නිවසේ පදිංචිය අතහැර තිබෙන අතර එතැනින් පිටත්ව ආරක්ෂාව සඳහා කොටුව ජනපති මන්දිරයටත් අනතුරුව විදේශ වලටත් ගිය හිටපු ජනපති වර්තමානයේ කොළඹ ආරක්ෂිත නිවසක ජීවත්වේ. කෙසේ වෙතත් ඔහු නැතිවුවත් ඔහුට අයත් පුද්ගලික නිවසක් වූවත් ඒ සඳහා තවමත් ආරක්ෂාව ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
0 Comments