සතිඅන්තයේ ජාතික පුවත්පතක් සිදු කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමකට ලබාදුන් පිළිතුර පහත පරිදිය.
ඔබ ඇමැතිවරයෙක් වෙනවා. එක මල්ලි කෙනෙක් රොකට් අරිනවා. අනික් මල්ලි – නාවික හමුදාවේ හොදම නිලධාරියා වෙනවා. රගර් කණ්ඩායම තිබුණේ රාජපක්ෂ පුතුන් අතේ. මේ රටේ අනික් තරුණයන්ට නොලැබෙන දේවල් ඔබලා බලය පාවිච්චි කරලා අත්පත් කරගත්තා?
පිළිතුර:- මම ඔය චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. මගේ පොඩි මල්ලි අධ්‍යාපනය හදාරලා කොම්පැණියක වැඩට ගියා. අදටත් පුළුවන් නුවරට ගිහිල්ලා මල්ලි යවපු රොකට් එක යවපු ලැබ් එක බලන්න.
එතැන ආයෝජනයක් වෙලාද නැද්ද කියලා බලන්න පුළුවන්. ඒ සැටලයිට් එක යවපු එකෙන් එන ආදායම ඒ ආයතනයෙන් අහන්න පුළුවන්. ඊළඟ මල්ලි තීරණය කළා හමුදාවට යන්න. එහෙම නැත්නම් අපේ තාත්තටත් තිබුණ අනික් අයගේ ළමයි වගේ පිටරට යවන්න.
ඉතිහාසයෙම ජනාධිපතිවරුන්ගේ දරුවන්ගෙන් අපි විතරනේ මේ රටේ හිටියේ.
0 Comments