කොළඹ ජාතික රෝහල අවට මාර්ගවල ත්‍රිරෝද රථ ඇතුළු රථවාහන අවිධිමත් ලෙස නවතා තැබීම හේතුවෙන් රෝහලට පැමිණෙන ගිලන් රථ ඇතුළු රථවාහනවලට දැඩි බාධා එල්ල වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. විශේෂයෙන්ම රීජන්ට් වීදිය සහ නොරිස් කැනල් පාර ආදී රෝහලට පිවිසෙන මාර්ගවල අවිධිමත් ලෙස රථවාහන නැවැත්වීමෙන් මාර්ගයෙන් සියයට 80 ක් පමණ අවහිර වන බව එම සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
ඒ හේතුවෙන් රෝහලට පැමිණෙන සියලුම වාහන වලට බාධා එල්ල වන අතර, රෝහල් පාලනාධිකාරිය මේ ගැන රථවාහන පොලීසියට දැනුම් දී ඇතත් කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නැතැයි ද වෛද්‍යවරයා කීවේය.ඇතැම් රියදුරන් මෙම මාර්ගවල වේගයෙන් රිය පදවන බවත්, රෝහල වෙත ඇවිදගෙන පැමිණෙන වයෝවෘද්ධ පුද්ගලයන් සහ රෝගීන්ගේ ජීවිතවලට ද මෙයින් තර්ජනයක් එල්ල වන බවත් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම රෝහල අවට නවතාගෙන සිටින ඇතැම් වාහනවල මත්ද්‍රව්‍ය අලෙවිය සිදුකරන බවටත්, රෝහලේ සිදුවන සොරකම්වලට පවා මෙම වාහනවලින් පැමිණෙන්නන් සම්බන්ධ බවටත් තොරතුරු ලැබී ඇතැයි ද වෛද්‍යවරයා කීවේය. මේ සම්බන්ධයෙන් ද පොලීසිය දැනුවත් කර ඇති නමුත් ඔවුන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
ඩයනා උදයංගනී
0 Comments